
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෙබනන දේශසීමාවේදී ඊශ්‍රායල් මිසයිල ප්‍රහාරයකින් රොයිටර්ස් පුවත් සේවයේ කැමරා ශිල්පියකු වන ඉසාම් අබ්දල්ලා (Issam Abdallah) ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රහාරයෙන් තවත් ජනමාධ්‍යවේදීන් හයදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා සඳහන් කරයි.
තුවාල ලැබූවන් අතර ප්‍රංශ පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනකු, අල්ජසීරා මාධ්‍යවේදීන් දෙදෙනකු සහ රොයිටර්ස් මාධ්‍යවේදීන් දෙදෙනකු සිටින බව තහවුරු වී ඇත.
මෙම ජනමාධ්‍යවේදීන් පිරිස දකුණු ලෙබනනයේ අල් සහාබ් ප්‍රදේශයේ හිස්බුල්ලා සටන්කාමීන් සහ ඊශ්‍රායල් ආරක්ෂක අංශ අතර සිදුවන ගැටුම් වාර්තා කරමින් සිටියදී ප්‍රහාරයට ලක්වූ බව රොයිටර්ස් වාර්තා කර තිබේ.
ඉසාම් සජීව දර්ශන එවමින් සිටියදී ප්‍රහාරය එල්ල වූ බව රොයිටර්ස් නිවේදනයේ සඳහන් වේ.
කඳුකරය දෙසට කැමරාව එල්ලවී තිබියදී අධික ශබ්දයකින් සිදුවූ පිපිරීමක් සමග කැමරාව සෙළවුණු බවත්, අවට දුමින් වැසී යද්දී කෑ ගසන ශබ්දයක් ඇසුණු බවත් රොයිටර්ස් පවසයි.
තුවාල ලැබූ රොයිටර්ස් මාධ්‍යවේදී Maher Nazeh පවසා ඇත්තේ,ඊශ්‍රායලය දෙසින් පැමිණි එක් මිසයිලයක් ඉසාම් ඇතුළු ජනමාධ්‍යවේදීන් පිරිස සිටි ස්ථානයේ පුපුරා ගිය බවයි.
ටික වේලාවකට පසු දෙවැනි මිසයිලය මාර්ගයේ නවතා තිබූ ජනමාධ්‍යවේදීන් පිරිස පැමිණි මෝටර් රථයට එල්ල වූ බව ඔහු පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart