
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටලුකාරි තත්ත්වයකින් තොරව ඊයේ (15) සාර්ථකව අවසන් වූ බවත් විභාග ප්‍රතිඵල දින 45ක් ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.
ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමෙන් අනතුරුව ජනමාධ්‍යයට අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.
මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් ඇගැයීමේ කටයුතු මෙම 26 දා සිට ආරම්භ කරන බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් පැවැසීය.
මේ මස 31 වැනිදා දක්වා දින 06ක් පුරා ඇගැයීම් කටයුතු සිදු කර දින 45ක් වැනි කාලයක් තුළදී ප්‍රතිඵල නිකුත්කළ හැකි බව ද ඔහු පෙන්වාදෙයි.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සියලුම පිළිතුරු පත්‍ර අද (16) උදෑසන වන විට රට පුරා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන මඟින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත බවද හෙතෙම පැවැසීය.
රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 11ක් ශිෂ්‍යත්ව විභාගය සඳහා ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයට යොමුකළ බවත්, මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 04කට රෝහලේ විභාග මධ්‍යස්ථානයක් පිහිට වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 03ක් රෝහලට ළඟම විභාග මධ්‍යස්ථානය වූ බොරැල්ල කන්නන්ගර විද්‍යාලයටත්, මාතර මහ රෝහලේ සහ සමූපකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 02ක් මාතර ශාන්ත තෝමස් විද්‍යාලයටත්, නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ දරුවෙක් නිකවැරටිය ජයන්ති විද්‍යාලයටත්, රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවෙක් කඩවත ධර්මදර්ශි විද්‍යාලයටත් ශිෂ්‍යත්ව විභාගය සඳහා යොමුකළ බව ද ඔහු සඳහන් කළේය.
දකුණු පළාතේ ආපදා තත්ත්වය නිසා ආපදා කළමනාකරණ අංශ, හමුදා, පොලිස් ඇතුළු කණ්ඩායම් සමඟ විශේෂ වැඩපිළිවෙළක් සකස් කර සිසු සිසුවියන්ට විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට පහසුකම් සලසා දුන් බවත්, මාලිම්බඩ සුමේධ විද්‍යාලයේ යම් ප්‍රවාහන ගැටලුවක් පැවැතියත් ඊට ද කඩිනමින් සැලසුමක් සකස් කර ඒකාබද්ධ වැඩපිළිවෙළක් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවැසීය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart