
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති ආකාරයට රට මූල්‍ය බංකොලොත්භාවයට පත්වූයේ කෙසේදැයි සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් අද (06) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරයි.
රට බංකොලොත් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කර, එහි යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කාරක සභාවේ කාර්යභාරයයි.
මෙම කාරක සභාවේ සෙසු සමාජිකයන් ලෙස නීතිඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි, ඩී.වී.චානක, විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, එරාන් වික්‍රමරත්න, අශෝක් අබේසිංහ, ජයන්ත කැටගොඩ, හර්ෂණ රාජකරුණා, මේජර් ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ශානකියන් රාජපුතිරන් රාසමානික්කම් සහ රංජිත් බණ්ඩාර පත් කළ බව කථානායකවරයා සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart