December 29, 2025

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවනු ලබන ‘Rebuilding Sri Lanka’ අරමුදල සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

එහිදී ඔහු පැවසුවේ එම අරමුදල නීත්‍යානුකූල විය යුතු බැවින් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර නෛතික භාවයකින් පවත්වා ගෙන යා යුතු බව‍යි.

එම අරමුදල රැස් කරන ලෙසින්ම වියදම් කරන ආකාරය ද හෙළිදරව් කළ යුතුව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් පාර්ලිමේන්තුවේ නෛතික භාවයක් ඇති කළ හැකි අයුරින් එම අරමුදල ලියාපදිංචි කළ යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.