October 29, 2026

පවතින දේශීය සහ විදේශීය අභියෝග හමුවේ ආර්ථික වර්ධනයට සහ ජන ජීවිතයට වන බලපෑම සම්බන්ධයෙන් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.

ඔහු පැවසුවේ වත්මන් ගෝලීය අර්බුදය හේතුවෙන් මෙරට ආර්ථික වර්ධනය, උද්ධමනය, ගෘහස්ථ ආදායම, දිළිඳුකම සහ රජයේ ආදායමට එල්ල වී ඇති බලපෑම පිළිබඳ තක්සේරුවක් අවශ්‍ය බවයි.

මෙම පිරිවැය දැරීමට සිදුවන්නේ අවසානයේ කාටද යන්න ජනතාව දැනගත යුතු බව ඔහු අවධාරණය කළේය.

එබැවින් මූල්‍යකරණය, ඉලක්ක සපිරීම්, ප්‍රතිඵල සහ අවදානම් පිළිබඳ ත්‍රෛමාසික වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.