
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, හෝලුවාගොඩ ඉදි කළ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය ඊයේ (13) පස්වරුවේ ජනතා අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.
2021 වසරේදී ඉදිකිරීම් ඇරඹූණු මෙම උද්‍යානය අක්කර 14ක විශාලත්වයකින් යුතු පුරන්වූ කෙත් යායක ඉදිකර තිබේ.
කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස්කර ඇති අතර ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ.
ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 440කි. වැවක්, ඇවිදින මංතීරු, යකඩ පාලම්, ළමා උද්‍යාන, වෙළඳ කුටි, පරිසර පද්ධති ආදියෙන් මෙම උද්‍යානය සමන්විත වන අතර ඒ සඳහා විදුලිය ලබාදීම සූර්ය බලශක්තියෙන් සිදුකෙරේ.
ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකාර්මික භෝග හා අනෙකුත් නිෂ්පාදන අළෙවි කිරීමේ වැඩපිළිවෙක්ද මේ හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඉදිරියේදී සංචාරක කර්මාන්තය මූලික කරගනිමින් මෙම උද්‍යානයේ සිට වක්වැල්ල,වටරැක හා ගාල්ල දක්වා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.
එමෙන්ම දශක ගණනාවක සිට හෝලුවාගොඩ,ඕපාත ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගංවතුර තත්ත්වය පාලනය කිරීමද මෙම උද්‍යානය මඟින් සිදුවේ.
මෙම පරිසර උද්‍යානය ඉදිකිරීමේ කටයුතු සාර්ථක කර ගැනීමට දායක වූවන්ට තිළිණ පත් ප්රදානය කිරීම ද මෙහිදි ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.(PMD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart