
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්රව්ය සම්බන්ධ චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමෙන් පසු හෝමාගම පොලිස් භාරයේ සිටියදී මියගිය 29 හැවිරිදි තරුණයාගේ පවුලේ ඥාතීන්, එම මරණයට වගකිව යුතු යැයි කියන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මියගිය තරුණයාගේ බිරිඳ ප්රකාශ කළේ, තම සැමියාට සාධාරණය ඉෂ්ට කරගැනීමට සහ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා බවට තහවුරු කර ගැනීමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.
එසේම, මේ වනතෙක් නිලධාරීන්ට එරෙහිව ගෙන ඇති පියවර ප්රමාණවත් නොවන බව පෙන්වා දුන් ඇය, වගකිවයුත්තන්ට එරෙහිව නිසි නීතිමය ක්රියාමාර්ග ගෙන සුදුසු දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය.
මත්ද්රව්ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි මෙම සැකකරුගේ මරණය ඔක්තෝබර් 25 වැනි දින වාර්තා විය.
කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචි මෙම 29 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු හෝමාගම පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන සිට ඇත. පොලිස් කූඩුවේ සිටියදී ඔහු පොලිස් නිලධාරීන්ගේ පහරදීමට ලක්ව ඇති බවට ඔහුගේ ඥාතීහු චෝදනා කළහ.
ලැබී ඇති තොරතුරුවලට අනුව, ඥාතීන්ගේ ඉල්ලීම පරිදි පොලිස් නිලධාරීන් විසින් පසුව ඔහුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත. පසුව ඔහු රෝහලේදී මියගොස් තිබේ.
මෙම මරණය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා, ඊට සම්බන්ධ යැයි කියන නිලධාරීන්ට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස පවුලේ අය ඉල්ලා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart