
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විදේශ රටවලට බඳවා ගැනීම පිළිබඳ ප්‍රශ්නය මීළඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) රැස්වීමේදී මතු කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබේ.
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් බඳවාගැනීම වෙනුවෙන් විදේශ රටවලින් වන්දි ඉල්ලා සිටින ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා යෝජනා කර ඇත.
එසේම ශ්‍රී ලංකාවෙන් ලබාදෙන වෛද්‍ය වෘත්තිකයන් වෙනුවෙන් වෛද්‍ය හෝ ඉංජිනේරු වැනි පීඨයන් ලබාදෙන ලෙසද ඉල්ලීම් කළ හැකි බව ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී තිබේ.
“එය දේශගුණික විපර්යාසවලදී අපට ඇති පාඩුව හා හානිය හා සමානයි. ඔබේ මිනිසුන් යනවා, එය අපේ වරදක් නොවේ. එක්කෝ ඔබේ ක්‍රමය වෙනස් කර ඔබේ වෛද්‍යවරුන්ට මුදල් ගෙවන්න. නැතිනම් ඒ සඳහා අපට වන්දි ගෙවන්න” යැයි ජනාධිපතිවරයා පවසා ඇත.
වත්මන් වෛද්‍ය ආඥා පනතේ පවතින අඩුපාඩු සපුරාලීම සහ එමගින් යහපත් සෞඛ්‍ය සේවාවක් ලබාදීම සහ පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්‍ෂා කිරීමේ අරමුණින් මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart