
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අක්කර භාගයක මිරිස් වගාවෙන් මාස නවයකදී රුපියල් මිලියන 12ක ආදායමක් ඉපැයූ අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්‍රාමයේ තරුණ ගොවියකු වන බන්දුල මුණසිංහ සහ අක්කරයක කොමඩු වගාවෙන් මාස දෙකකින් රුපියල් මිලියන4ක ආදායමක් ඉපැයූ ගල්කුලම ප්‍රදේශයේ පදිංචි බුද්ධික සුදර්ශන ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබේ.
සිය අස්වැන්නෙන් කොටසක් රැගෙන මෙලෙස ජනාධිපතිවරයා හමුවූ මෙම තරුණ ගොවියන් තමන්ට සරුසාර අස්වැන්නක් ලබා ගැනීමට මඟ පෙන්වමින් රජයේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පිරිනමා තිබේ.
බන්දුල මුණසිංහ කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය විසින් හඳුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය භාවිත කරමින් අක්කර භාගයක මෙම මිරිස් වගාව සිදු කර තිබිණි.
සාම්ප්‍රදායික ක්‍රමය යටතේ අක්කර භාගයක වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය පැළ 6000ක් පමණ වුවත් මෙම අධි ඝණත්ව වගා ක්‍රමය යටතේ වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය 13,000ක් දක්වා ඉහළ ගොස් ඇත.
එම නිසා ලබාගත හැකි අස්වැන්න කිහිප ගුණයකින් ඉහළ නැංවීමට මෙම නව ක්‍රමය යටතේ හැකිවූ බව ඔහු සඳහන් කළේය.
අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කුලම ප්‍රදේශයේ පදිංචි බුද්ධික සුදර්ශන 39 හැවිරිදි දෙදරු පියෙකි.
නවීන තාක්ෂණය යොදා ගනිමින් අක්කරයක සිදු කළ කොමඩු වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවත් කොමඩු කිලෝග්‍රෑමයක් රුපියල් එකසිය අසුවක පමණ මුදලකට අලෙවි කිරීමෙන් තමන්ට මෙම ඉහළ ආදායමක් ලබා ගැනීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළේය.
රට තුළ කෘෂිකර්මාන්තයේ විප්ලවීය පරිවර්තනයක් ඇති කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළේදී මෙවන් තරුණ ගොවීන් මහඟු ආදර්ශයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ මෙහෙවර අගයමින් සිහිවටන තිළිණ ද පිළිගැන්වීමට කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart