
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙට දිනයේ (28) පැවැත්වීමට නියමිතව තිබූ බ්‍රවුන් බෝයි ප්‍රසන්ට්ස් විසින් සංවිධාන කළ Ne-Yo ප්‍රසංගය හදිසියේම කල්දැමීමෙන් පසුව, එහි සංවිධායකයන්ට එරෙහිව කොල්ලුපිටිය පොලිසියට වංචා පැමිණිලි ඉදිරිපත් වී තිබේ.
බිල්පත් නොගෙවීම සම්බන්ධයෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙන් ලැබුණු පැමිණිල්ලක් ඇතුළුව පැමිණිලි දෙකක් ඉදිරිපත් වී ඇති බවත්, එම පැමිණිලි වැඩිදුර විමර්ශනය සඳහා කොළඹ වංචා විමර්ශන කාර්යාංශය (CFIB) වෙත යොමු කරන බවත් පොලිසිය පැවසීය.
සංදර්ශනය හදිසියේ අවලංගු කිරීමට පෙර, සංවිධායකයන් ටිකට්පත් අලෙවියෙන් සැළකිව යුතු ආදායමක් උපයා ගත් බවත්, රුපියල් 15,000 සහ ඊට වැඩි මිලකට ටිකට්පත් අලෙවි කර තිබූ බවත් වාර්තා විය.
සංවිධායකයන් විසින් නිකුත් කරන ලද චෙක්පතක් ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් ප්‍රතික්ෂේප වීමෙන් පසු සුගතදාස ක්‍රීඩාංගණයේ කළමනාකාරිත්වය ස්ථානය වෙන්කරවා ගැනීම අවලංගු කළ බවට වාර්තා පැමිණීමත් සමඟ මතභේදය තවත් උග්‍ර විය.
මූල්‍යමය වශයෙන් මෙම අවදානම් තත්ත්වය තිබියදීත්, සංවිධායකයන් අවසන් මොහොත දක්වාම ටිකට්පත් විකිණීම සඳහා සමාජ මාධ්‍ය තුළ ප්රචාරක කටයුතු අඛණ්ඩව කරගෙන ගිය බවට චෝදනා එල්ල වේ.
බ්‍රවුන් බෝයි ප්‍රසන්ට්ස් ‘අනපේක්ෂිත තත්ත්වයන්’ උපුටා දක්වමින් ප්‍රසංගය අවලංගු කර PickMe යෙදුම හරහා මුදල් ආපසු ලබාදෙන බව ප්‍රකාශ කළද, නිශ්චිත දිනයන් හෝ මුදල් ආපසු ගෙවීමේ කාලරාමු මහජනතාවට ලබා දී නොමැත.
ප්‍රසංගය අවලංගු කිරීමෙන් පසු සංවිධායකයන් රටින් පලාගිය බවට වාර්තා පළ වීමත් සමඟ මහජන කෝපය ඉහළගොස් තිබේ.
ඒ අනුව ඔවුන් මහජනතාවට වංචා කළ බවට චෝදනා එල්ල වී ඇත.
පොලිස් ආරංචි මාර්ග පැවසුවේ එක් සංවිධායකයකු රටින් පලාගොස් ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart