
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් නිලධාරීන්ට ගිනිඅවි නිකුත් කර ඇත්තේ ඒවා සුරතල් කිරීමට නොව අවශ්‍ය විටෙක භාවිත කිරීමට බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසයි.
ප්‍රජා පොලිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස රත්නපුරයේ පැවති වැඩමුළුවක් අමතමින් ඇමැති අලස් කියාසිටියේ තමන් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැතිවරයා ලෙස කටයුතු කරන කාලය තුළ පාතාල ක්‍රියාකාරකම් අවසන් කිරීමට කටයුතු කරන බවයි.
“පාතාල චරිතවලට ඔවුන්ගේ නීතිවිරෝධී ක්‍රියා නවත්වන්න කියලා මම දිගින් දිගටම අවවාද කළා. ඔවුන් මගේ අනතුරු ඇඟවීමට අවනත වන්නේ නැත්නම්, අපි ඔවුන්ව අල්ලනවා. මෙම උවදුර තුරන් කිරීමට හැකි සෑම දෙයක්ම යොදවන ලෙස මම STF කමාන්ඩෝ භටයන්ට උපදෙස් දී තිබෙනවා. ඒ වගේම මම ඔවුන්ට දැඩිව කියා තිබෙනවා ඔවුන් තමන්ගේ කාර්යය කරන්න එහෙම නැත්නම් රස්සාව දාලා යන්න කියලා,” යනුවෙන් ඇමැතිවරයා පැවසීය.
තමා මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස වැඩ භාරගත් විගස සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් හමුවී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ප්‍රකාශ කළ බවද ඔහු පැවසීය.
“මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් වර්ග තුනක් ඉන්නවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මහා පරිමාණ වෙළෙඳුන් ඉන්නවා. නාවික හමුදාවට සහ පොලිස් බුද්ධි අංශවලට ඔවුන් සේවීම සහ ඔවුන්ගේ ජාල බිඳදැමීමේ වගකීම පැවරී තිබෙනවා. ඊළඟට කුඩුකාරයෝ ඉන්නවා. තුන්වැනි කණ්ඩායම මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාල පවත්වාගෙන යන අය. යුක්තිය මෙහෙයුමේ අරමුණ තුන්වැනි කණ්ඩායම සම්බන්ධයෙන් කටයුතු කිරීමයි ” යැයි පැවසූ ඇමැතිවරයා මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් තමන් සතුව ඇති ඕනෑම තොරතුරක් ලබාදී පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart