
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර කුණ්ඩසාලේ, වරාපිටිය ප්‍රදේශයේ නිවසක තිබී හමුවූ අභිරහස් ලෙස මියගිය තරුණ කාන්තාවගේ මරණය ඝාතනයක් ද එසේත් නොමැති නම් ගෙළ වැලළාගෙන සිදුකර ගත් දිවි නසාගැනීමක් ද යන්න සම්බන්ධයෙන් බලගොල්ල පොලිසිය පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරයි.
මහනුවර ජාතික රෝහලේ සිදු කරන පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒ බව අනාවරණය කර ගත හැකි වනු ඇතැයි බලගොල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් ‘දිවයින පුවත්පතට’ පවසා ඇත.
මෙසේ මියගොස් ඇත්තේ 23 හැවිරිදි විවාහක තරුණියකි. ඇයගේ සැමියාට අයත් බව කියන නිවසේ තිබී මෙම මළසිරුර සොයාගෙන තිබේ.
මියගිය කාන්තාවගේ මව ඇතුළු ඥාතීන් චෝදනා කරන්නේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් ඇයට පහර දී ඝාතනය කර ඇති බවයි.
“මගේ දුවගේ මරණය සැකයි. දුවට මේ විපත වෙච්ච වෙලාවේ දුව බැඳලා හිටපු කෙනාගේ අම්මයි, තාත්තයි ගෙදර ඉඳලා තිබෙනවා. අනේ මගේ දරුවාට වෙච්ච දෙයක්” යැයි එම මියගිය කාන්තාවගේ මව පොලිසියට පවසා තිබේ.
මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා පොලිසියට පවසා ඇත්තේ තමා සංගීත සංදර්ශනයක් බැලීමට ගොස් පෙරේදා (20දා) අලුයම නිවසට පැමිණි අවස්ථාවේදීම ඇය ගෙළ වැලළාගෙන සිටිනු දුටු බවත්, පසුව එම කඹය කපා ඇයගේ සිරුර ඇඳ මතට ගත් බවත්ය.
මොවුන් විවාහ වී වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ස්වාමිපුරුෂයා ඇයට දිගින් දිගටම සිදුකළ තාඩන පීඩන සම්බන්ධයෙන් බලගොල්ල පොලිසියට පැමිණිලි කීපයක්ම සිදු කළ බව මියගිය කාන්තාවගේ ඥාතීහු පවසති.
ස්වාමි පුරුෂයා තමාට පහරදීම හේතුවෙන් ඇය නිරන්තරයෙන්ම දෙමාපියන්ගේ නිවසට පැමිණ ඇති බවත්, මෙම පහරදීම් නිසා ඇය දික්කසාද වීමේ සූදානමින් සිට ඇති බවත් ඥාතීහු කියා සිටිති.
මේ අතර, මියගිය තරුණිය විසින් ලියන බව කියන ලිපියක් ද ඇයගේ සැමියාගේ නිවසේ අය විසින් පොලිසියට ඉදිරිපත් කර තිබේ. තරුණියගේ දෙමාපියන් පවසන්නේ එම ලිපියේ ඇති අත් අකුරු තම මියගිය දියණියගේ නොවන බවයි.
මළසිරුර හමුවූ අවස්ථාවේ මියගිය තරුණියගේ ඥාතීන්ට ඇයගේ සිරුර තිබූ ස්ථානයට යෑමට ඉඩ නොදීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හටගැනිණි.
සිද්ධිය සම්බන්ධයෙන් බලගොල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart