
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බන්ධනාගාරගත වන රැඳවියන්ගේ ප්‍රතිශතය වසරක් තුළ සියයට තුන්සියයකින් පමණ ඉහළ ගොස් තිබේ.
මේ නිසා මෙරට පිහිටි බන්ධනාගාර විසිඅටෙහි විශාල තදබදයක් ඇති වී ඇත.
මේ වන විට පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති ‘යුක්තිය’ මෙහෙයුමින් අත්අඩංගුවට ගන්නා පිරිස් නිසා මෙම තත්වය උග්‍ර වී ඇත.
බන්ධනාගාර තුළ ඇති වී තිබෙන මෙම තදබදය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය) ගාමිණි බණ්ඩාර දිසානායකගෙන් ‘දිවයින පුවත්පත’ කර ඇති විමසීමේදී ඔහු සඳහන් කර ඇත්තේ, යම්කිසි තදබදයක් පවතින ප්‍රවෘත්තිය සත්‍යයක් බවයි.
2022.12.31 වනවිට මෙරට බන්ධනාගාර තුළ රඳවාගත හැකි රැඳවියන්ගේ සංඛ්‍යාව 10,384ක් වුවත් පෙරේදා (16 වැනිදා) වන විට රැඳවියන් ගණන 32,400 දක්වා වැඩි වී ඇතැයි ද හෙතෙම පවසයි.
එහෙත් මින් 1000ක් පමණ නිදහස ලබන්නට නියමිතව තිබූ බැවින් එම ගණන 31,000ක් පමණ දක්වා අඩුවන බවද ඔහු සඳහන් කරයි.
බන්ධනාගාරගත වන රැඳවියන් ගණන ඉහළ යෑම නිසා රජය සතු රෝහල් දෙකක් (බස්නාහිර සහ නැගෙනහිර) හඳුනාගෙන ඒවාට පිරිසක් යොමු කිරීමටත් වැලිකඩ පිහිටි ගොඩනැගිල්ලක් හා තවත් ඉඩකඩ සහිත ස්ථාන හඳුනාගෙන ඒවායේ රැඳවියන් තැබීමටත් පියවර ගනිමින් සිටින බවද ඔහු පවසයි.
යුක්තිය මෙහෙයුම නිසා අත්අඩංගුවට ගන්නා පිරිසක් බන්ධනාගාරගත කිරීම මෙම තදබදයට එතරම් බලපා නැතැයි ද නමුත් කුමන හෝ හේතුවක් මත බන්ධනාගාරගත වන රැඳවියන් ගණන ඉකුත් කාලයේ ඉහළ ගොස් ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
මෙම තදබදයට වහා විසඳුම් දීමට පියවර ගනිමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart