
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින ප්‍රවණතාවය දිගටම පැවතියහොත් නුදුරේදීම මුළු පාර්ලිමේන්තුවම වැඩිහිටි නිවාසයක් බවට පත්වන බව රාමඤ්ඤ නිකායේ අනුනායක අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ ඊයේ ප්‍රකාශ කළහ.
එබැවින් රටේ සංවර්ධනය වෙනුවන් තරුණ තරුණියන්ට ද මේ සඳහා දායකවීමට අවස්ථාව ලබාදී සඳහා වැඩිහිටි මන්ත්‍රීවරුන් ඉවත්වීමේ වැදගත්කමද උන්වහන්සේ අවධාරණය කළහ.
අනුනායක හිමියන් මේ බව අවධාරණය කළේ, හිටපු ක්‍රීඩා ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ඊයේ (14) ගැටඹේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදීයි.
“රජයේ සේවකයන් වයස අවුරුදු 60 ඉක්මවූ පසු විශ්‍රාම යන්නේ ඔවුන්ට තවදුරටත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට නොහැකි නිසා. නමුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශ්‍රාම යන වයස ඉක්මවූ බොහෝ පිරිසක් සිටිනවා. සමහර අය රජයේ සේවයෙන් විශ්‍රාම ගොස් පාර්ලිමේන්තුවට යනවා. රටේ මිනිස්සු ගැන කිසිම සැළකිල්ලක් නැහැ. ඔවුන්ගේ අවධානය යොමුවෙලා තියෙන්නේ රටේ සම්පත් තමන්ගේ පරම්පරාවට ප්‍රයෝජනයට ගැනීම සඳහා විකිණීමටයි. රටේ සාමාන්‍ය පුරවැසියෙක් රුපියල් පනහක් සීයක් හොරකම් කළොත් උපරිම දඩුවම විදින්න වෙනවා. කොහොම උණත් බලගතු පුද්ගලයෙක් කෝටි ගණන් මුදල් සොරකම් කරනවා, ඔවුන්ට නීතිය හරියට ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නේ නැහැ,” අනුනායක හිමියෝ පැවසූහ.
වයෝවෘද්ධ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් විය යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ.
ඔවුන් කැමැත්තෙන් ඉවත් නොවන්නේ නම් ඔවුන් ඉවත් කිරීමට නව නීති සම්පාදනය කළ යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart