December 4, 2023

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සිටි එකම ශල්‍ය වෛද්‍යවරයා රට හැරගොස් ඇති නිසා සියලු ශල්‍යකර්ම ඇනහිටීමත් සමඟ රෝගීන් දැඩි අසරණ තත්ත්වයකට පත්වී එම රෝහල අර්බුදයකට ලක්ව තිබේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ලිපියක් මාර්ගයෙන් අදාළ සෞඛ්‍ය බලධාරීන් වෙත දන්වා ඇති නමුත් ඒ පිළිබඳව තවමත් පියවර ගෙන නොමැත.

එම ලිපියට අනුව හදිසි සැත්කම් ඇතුළුව සැත්කම් 50ක් අත්හිටුවා ඇත.

පොළොන්නරුව රෝහල ඇතුළු අවට රෝහල් වෙත රෝගීන් යොමු කළද එම රෝහල්වල පවතින තදබදය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

එමනිසා වහාම පියවර ගෙන මෙම බරපතල තත්ත්වයට පිළියම් යොදන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.