
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දීර්ඝ කාලීන මානව හිමිකම් ගැටලු විසඳීමට මෙන්ම වගවීම සහ ආයතනික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට ශ්‍රී ලංකා රජය පොරොන්දු වී තිබුණද, සත්‍යය, සාධාරණත්වය, සංහිඳියාව සහ අර්ථවත් ප්‍රතිසංස්කරණ තහවුරු කිරීම සඳහා වන උත්සාහයන්ගේ වේගය අඩාල වීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පෙන්වාදෙයි.
ජිනීවා නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ නවතම වාර්තාවේ මෙම කරුණු ඇතුළත් වේ. මෙම වාර්තාව මගින් 2025 ඔක්තෝබර් සිට 2026 ජූලි දක්වා කාලය තුළ සිදු වූ වර්ධනයන් සමාලෝචනය කෙරෙන අතර, සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් රජය දී ඇති කැපවීම් පරීක්ෂාවට ලක්කරයි.
එම වාර්තාවට අනුව, සමාලෝචන කාලසීමාව තුළ ‘දිට්වා’ සුළිකුණාටුව, බාහිර බලපෑම් හේතුවෙන් ඇති වූ ආර්ථික පීඩනයන් සහ ගෝලීය ගැටුම්වල නොනැවතී පවතින බලපෑම ඇතුළු බහුවිධ අභියෝගවලට ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවිය.
මෙම තත්වයන් හේතුවෙන් ප්‍රතිසංස්කරණ පියවර සහ වගවීමේ උත්සාහයන් වෙත යොමුවිය යුතුව තිබූ සම්පත් හා දේශපාලන අවධානය වෙනත් දෙසකට යොමු වූ බව මහකොමසාරිස් කාර්යාලය නිරීක්ෂණය කර ඇත.
2024 අගභාගයේදී තේරී පත් වූ ආණ්ඩුව, දූෂණයට එරෙහිව සටන් කිරීම, ස්වාධීන රාජ්‍ය අභියෝචක කාර්යාලයක් පිහිටුවීම, 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු විශේෂ අවධානයට ලක්වූ සිදුවීම් සඳහා වගවීම තහවුරු කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ ගණනාවකට කැපවූ බව වාර්තාව පිළිගනී. කෙසේවෙතත්, මෙම ක්ෂේත්‍ර කිහිපයකම අර්ථවත් ප්‍රතිසංස්කරණ තවමත් සාක්ෂාත් වී නොමැති බව වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ වගවීම සහ සාධාරණත්වය උදෙසා වූ දීර්ඝ කාලීන අරගලයේ සංකේත බවට පත්ව ඇති විශේෂ අවධානයට ලක්වූ සිදුවීම් කිහිපයක් පිළිබඳව ද මෙම වාර්තාවේ අවධානය යොමුකර ඇත.
* නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් අතුරුදහන් වීම (2006)
* පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය (2006)
* Action Contre La Faim (ACF) ආයතනයේ සේවක සමූලඝාතනය (2006)
* ජනමාධ්‍යවේදී සහ කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම (2010)
* බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම්
* චෙම්මනි-සිතුප්පත්ති සමූහ මිනීවළ
* ගැටුම් හා සබැඳි ලිංගික ප්රචණ්ඩත්වය
* පාස්කු ඉරිදා ප්‍රහාරය (2019)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවූ සැලකිය යුතු විමර්ශන සහ අධිකරණ ක්‍රියාමාර්ග වාර්තාව මගින් හඳුනාගනී. හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනම් පැනවීම සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය වරදකරුවන් වී දඬුවම් නියම වීම ඒ අතර වේ. මෙම වර්ධනයන් පැවතියද, නිසි නීතිමය ක්‍රියාපටිපාටිය, නඩු විභාග සඳහා මහජන ප්‍රවේශය සහ අන්තර්ජාතික සාධාරණ නඩු විභාග ප්‍රමිතීන්ට අනුකූල වීම සම්බන්ධයෙන් තවදුරටත් ගැටළු පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.
ප්රමුඛ පෙළේ නඩු කිහිපයක යම් චලනයක් සිදුවී ඇති නමුත්, වින්දිතයන් සහ බලපෑමට ලක්වූ ජනකොටස් තවමත් පූර්ණ සත්‍යය, සාධාරණත්වය සහ වගවීම අපේක්ෂාවෙන් සිටින බව එම වාර්තාව නිගමනය කරයි. එමෙන්ම, මෙම විශේෂ අවධානයට ලක්වූ සිදුවීම් ශ්‍රී ලංකාවේ පුළුල් සංහිඳියාවට සහ මානව හිමිකම් න්‍යාය පත්‍රයට මූලික වන බව ද එහි සඳහන් වේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart