
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් පනවා තිබූ නෝර්වීජියානු ජාතිකයකු කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ හරහා රටින් පිටව යෑමට තැත්කිරීමේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හතළිස් දෙහැවිරිදි නෝවීජියානු ජාතිකයකු බව ගුවන් තොටුපල පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා එංගලන්ත සමාගමක කොටස් ලබාදෙන පවසා රුපියල් ලක්ෂ තිහකට අධික මුදලක් වංචා කිරීමේ නඩුවක සැකකරුවකු වන බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.
මේ සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශය ඉදිරි විමර්ශන සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart