
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීමේදී, හින්දු ආගමික විශ්වාසයන්ට හානියක් සිදුවීම වැලැක්වීම සඳහා පැරණි රාම් සේතු හෝ ආදම්ගේ පාලම වෙනුවට විකල්ප මාර්ගයක් පිළිබඳව දෙරට සළකා බලන බව වාර්තා වේ.
පසුගියදා සිදුකෙරුණු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී, ශ්‍රී ලංකාව වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ අරමුණින් යෝජිත ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කර තිබේ.
මීට කලකට පෙර එම අදහසම ඉදිරිපත් වූ අවස්ථාවේදී, පුරාණ ආදම්ගේ පාලම මතින් දෙරට අතර නව පාලමක් ඉදිකිරීමට යෝජනා විය.
ආදම්ගේ පාලම ලෙසින්ද හඳුන්වනු ලබන රාම් සේතු යනු තමිල්නාඩුවේ ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන් වූ පම්බන් දූපත සහ ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළට ඔබ්බෙන් වූ මන්නාරම දූපත අතර හුණුගල් සහිත මංපෙතකි.
රාවණා විසින් සිරකරගෙන සිටි තම බිරිඳ සීතා ගලවාගැනීමට ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් සිටි රාම්ගේ සේවකයා වූ හනුමාන් මෙහෙයවන ලද වඳුරු හමුදාවක් විසින් එය ඉදිකරන ලද බව පුරාණෝක්ති විශ්වාසයයි.
මේ අතර පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාව විසින් ඉදිකිරීමට යෝජනා කර ඇති සේතුසමුද්‍රම් නෞකා මාර්ග ව්‍යාපෘතියට මීට පෙර ඇතැම් දේශපාලන පක්ෂ, පරිසරවේදීන් සහ ඇතැම් හින්දු ආගමික කණ්ඩායම් විරෝධය පළකර තිබිණි.
ඊට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් පවා ඉදිරිපත් වී ඇත.
නව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අනාවරණය වන තොරතුරුවලට අනුව, පාලම ඉදිකිරීමේදී නව මාර්ගයක් සළකා බලෙන අතර, එය ආදම්ගේ පාලමට වඩා තරමක් දිගු වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart