
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පානීය ජල අවශ්‍යතාව හදිසි තත්ත්වයක් ලෙස සළකා හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා එකාබද්ධ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.
රටේ මේ අවස්ථාවේ පවතින පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සළකා, ජල සම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ එකාබද්ධව කඩිනම් වැඩපිළිවෙළක් හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා ක්‍රියාත්මක කිරීමට, අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැති විශේෂ රැස්වීමකදී තීරණය විය.
අගමැති ලේකම්වරයාගේ මෙහෙයවීමෙන් ඉහත අමාත්‍යංශ තුනේ ලේකම්වරුන්ගෙන් එම කමිටුව සමන්විත වන අතර, අදාළ සියලු ආයතනද ඊට සම්බන්ධ කරගන්නා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මෙහිදී උපදෙස් දී ඇත.
මීට ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග ඇමැති රොෂාන් රණසිංහ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන්, ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන වාසුදේව නානායක්කාර, ඒ.එල්.එම්. අතාවුල්ලා, සුදර්ශන දෙනිපිටිය, ජගත් සමරවික්‍රම යන අයද, අගමැති ලේකම් අනුර දිසානායක ඇතුළු අගමැති කාර්යාලයේ, වාරිමාර්ග අමාත්‍යංශයේ, ජල සම්පාදන අමාත්‍යංශයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉහළ නිලධාරීහු රැසක්ද එක්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart