
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සපුගස්කන්ද මාකොළ මාර්ගයේ ගමන් කළ කාන්තාවකගේ ගෙල බැඳ තිබූ පවුම් දෙකහමාරක් පමණ බර රන් මාලයක් මංකොල්ලකා යතුරු පැදියකින් පළාගිය තරුණයකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම්ස් 2900ක් සමග කිරිබත්ගොඩ පොලිසිය මගින් ඉකුත් සිකුරාදා (29) අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සමගම එම රන් මාලය ද ඔහු ළඟ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම තරුණයා ඉකුත් 26 වැනිදා පස්වරුවේ එම රන් මාලය මංකොල්ලකා යතුරුපැදියෙන් පළායෑමේදී යතුරුපැදිය විදුලි කණුවක ගැටීමෙන් පසුව ඔහු යතුරු පැදිය එහි දමා රන් මාලය ඒ අසල සඟවා එහි පෙන්ඩනය රැගෙන පළාගොස් තිබේ.
එම යතුරුපැදිය නැවත භාවිතයට ගත නොහැකි අන්දමින් හානියට පත්වී තිබෙන අතර, යතුරුපැදියට ව්‍යාජ අංක තහඩු තුනක් තිබී ඒවා ද පොලිසිය සොයාගෙන ඇත.
අදාළ සැකකරු පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචි අයෙකි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart