
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියාවේ තුන්වැනි ධනවතා ලෙස සැළකෙන ඉන්දියාවේ ගෞතම් අදානි සතු සමූහ ව්‍යාපාරය ඉලක්ක කරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ව්‍යාපාරිකයකුගෙන් ඉන්දීය රුපියල් මිලියන 20ක අල්ලස් මුදලක් ගත් බව කියන මන්ත්‍රීවරියක පාර්ලිමේන්තුවෙන් නෙරපා හැර ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේය.
බටහිර බෙංගාල ප්‍රාන්තයේ ප්‍රබල පක්ෂයක් වන ට්‍රිනාමූල් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි මහුවා මොයිත්‍රා නමැති මේ මන්ත්‍රීවරිය ලෝක් සභාවට යොමුකළ ප්‍රශ්න 61න් 50ක්ම ගෞතම් අදානි ඉලක්ක කරමින් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
ගෞතම් අදානි අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීපතම හිතවතකු වන අතර, ඔහු ඉලක්ක කරමින් මන්ත්‍රීවරිය මුදලට ප්‍රශ්න අසා ඇතැයි යන චෝදනාව එල්ල කර ඇත්තේ, භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රී නිෂිකාන්ත් ඩුබේ විසින් බව ද විදෙස් ජනමාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරිය ප්‍රකාශ කර ඇත්තේ සාක්ෂි නොමැතිව තමා පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමූ බවය.
ඇය නෙරපා දැමීමට නිර්දේශ කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ ආචාරධර්ම කමිටුව පිටු 500කට අධික වාර්තාවක් සභාගත කර ඇති අතර, එම තීරණයට එරෙහිව ඇයට අධිකරණය හමුවේ අභියෝග කිරීමට හැකියාව ඇතැයි ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart