
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුළුඳුල් නිවුන් දරුවන් දෙදෙනා ප්‍රසූත කර දින නවයකින් පසු අහුන්ගල්ලේ මවක ලිපියක් ලියා පෙරේදා (19) නිවෙසෙන් පළාගොස් ඇතැයි අහුන්ගල්ල පොලිසිය කියයි.
සිය භාර්යාව නිවුන් දරුවන් දෙදෙනා ප්‍රසුත කර දින නවයකින් පසු නිවෙසෙන් ගොස් ඇති බවත්, ඇය නිවෙසෙන් යන බව පවසා ලියූ ලිපියක් සමග ඇයගේ සැමියා පැමිණිල්ලක් ඊයේ (20) ඉදිරිපත් කළ බවත්, පොලිසිය පවසයි.
29 හැවිරිදි අදාළ කාන්තාව විවාහ වී වසර හයකට පමණ පසුව මේ කුළුඳුල් නිවුන් දරු ප්‍රසුතිය බලපිටිය මුලික රෝහලේදී මීට දින නවයකට පමණ පෙර සිදුකර ඇති බවත්, දරුවන් දෙදෙනා බිහිකළ පසුව ඇති වූ සංකූලතාවක් නිසා ඇය දින කිහිපයක්ම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත්, පොලිසිය සඳහන් කරයි.
රෝහලේ ප්‍රතිකාරවලින් පසුව ඇය මීට දිනකට පමණ පෙර නිවෙසට පැමිණ ඇති බව පොලිසිය පවසයි.
එසේ නිවෙසෙන් පැමිණ සිටි අතරේ ඇය පෙරේදා රාත්‍රී එකොළහෙන් පසුව නිවසේ දක්නට නොලැබුණු බැවින් සොයාබැලීමේදී, ”මට වේදනාව ඉවසන්න නැහැ. ඒ නිසා මම ගෙදරින් යනවා දරුවන් දෙදෙනා රැකබලා ගන්න” යැයි කියා ලියූ ලිපියක් ඇයගේ සැමියාට හමුවී ඇති බට පොලීසිය සඳහන් කරයි.
ඇය නිවෙසෙන් යන විටදී සිය ජංගම දුරකතනය ඇතුළුව වෙනත් බාහිර භාණ්ඩ කිසිවක් ගෙන ගොස් නැති බවත්, රැගෙන ගොස් ඇත්තේ දරු ප්‍රසුතිය සම්බන්ධයෙන් දුන් ඖෂධ පමණක් බවත්, පොලිසිය පවසයි.
මෙම පැමිණිල්ලෙන් පසුව ඇයගේ නිවෙස ඇතුළු ඇය යන්නට ඇතැයි සැකකෙරෙන ස්ථාන කිහිපයක් පිළිබඳව දුරකතන ඇමතුම් මගින් සොයා බැලුවද එම ස්ථාන කිසිවක ඇය නැති බවද පොලිසිය කියයි.
මේ වගේ පළායෑමෙන් පසු දින නවයක් වන නිවුන් පිරිමි දරුවන් දෙදෙනා රැකබලා ගැනීම සහ ආහාර දීම දරුවන් දෙදෙනාගේ පියාට දැඩි අසීරු කාර්යයක් වී ඇති අතර, ඇය සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් පොලිසියට දැනුම් දෙන ලෙස අහුන්ගල්ල පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart