April 12, 2026

NDB හෙවත් නැෂ­නල් ඩිවෙ­ලො­ප්මන්ට් බෑන්ක් පීඑල්සී හි සිදුව ඇති රුපි­යල් කෝටි 1,320ක අති­වි­ශාල මූල්‍ය වංචාව සම්බ­න්ධ­යෙන් විශේ­ෂිත වෝහා­රික විග­ණ­න­යක් සිදුකිරී­මට කට­යුතු කර ඇතැයි සිළුමිණ පුවත්පත වාර්තා කරයි.

මෙරට බැංකු ඉති­හා­සයේ සිදුව ඇති විශාලතම මූල්‍ය වංචාව වන මෙය සම්බ­න්ධ­යෙන් බැංකුවේ අභ්‍ය­න්තර නිල­ධා­රීන් සහ බාහිර පාර්ශ්ව­යන් කිහිපදෙනකු මේ වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මේ වංචාව සිදුකිරී­මේදී කිසිදු ලෙස­කින් ගනු­දෙ­නු­ක­රු­වන්ගේ ගිණු­ම්ව­ලින් මුදල් ගැනී­මක් සිදුකර නැති නිසා ගනු­දෙ­නු­ක­රු­වන්ට කිසිදු ආකා­ර­යක බල­පෑ­මක් සිදුනොවන බව බැංකුව පවසා ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේ­ද­න­යක් නිකුත් කර පවසා ඇත්තේ NDB ද්‍රව­ශී­ල­තාව ඉහළ මට්ට­මක තිබෙන බවයි.

බැංකුවේ අභ්‍ය­න්තර ගිණු­මක් ලෙස සැල­කෙන suspense account ඔස්සේ මේ වංචාව සිදුකර ඇති බව මේ වන විට සිදු කළ විම­ර්ශන අනුව හෙළිව තිබේ.

මේ මහාපරි­මාණ වංචා­වට සම්බ­න්ධව ඇති ප්‍රධා­නියා ලෙස සැල­කෙන තොර­තුරු තාක්ෂණ නිල­ධා­රියා වයස අවු­රුදු 38ක අයකු බවත්, සෙසු සැක­ක­රු­වන්ද එම වයස් සීමා­වන්ට ආසන්න පුද්ග­ල­යන් බවත් වාර්තා වේ.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­ව­න්ගෙන් මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කර­මින් පව­තින අතර, එසේ ගත් මුදල් ක්‍රිප්ටො කර­න්සි හි ආයෝ­ජ­නය කර ඇති බවට වාර්තා වේ.