
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධික ජනන පිරිවැයක් හේතුවෙන් කැළණිතිස්ස තාප බලාගාරය නවතා දැමීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දී සදහන් කළේය.
ඇමැතිවරයා පැවසුවේ, “2020 දී විදුලි බලාගාරය නවතා දැමිය යුතුව තිබුණත් එය සිදුකර නැහැ. කැලණිතිස්ස බලාගාරයේ විදුලි ඒකකයක් නිපදවීමට වැය වන මුදල රු. 144ක් වන අතර ACE Power ආපසු ලබාගෙන අඩු වියදමකින් විදුලිය නිපදවීමට රජය කල්පනා කරනවා” යනුවෙනි.
“සූර්ය හා සුළං බලයෙන් මෙගාවොට් 4700ක විදුලිය නිපදවීමේ ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීමට අපි බලාපොරොත්තු වෙනවා. විදුලි ගාස්තු පහත හෙළීමට මෙය අපට උපකාරී වනු ඇත.” ලෙස ද ඔහු සදහන් කළේය.
ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබී නොමැති බැවින් වික්ටෝරියා, රන්ටැඹේ, රන්දෙණිගල ඇතුළු ජලාශවල ජල විදුලි නිෂ්පාදනය ආරම්භ කිරීමට නොහැකිව ඇත.
“විදුලි උත්පාදනය සඳහා දරන පිරිවැය පියවා ගැනීමට විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය වෙනවා. අපට ගිගාවොට් පැය 750ක තාප විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍යයි. මෙම පිරිවැය පියවා ගැනීමට සංශෝධනයක් අවශ්‍යයි” යන්න ඇමැතිවරයාගේ අදහස විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart