
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ ගැටුම සිදුවන අවස්ථාවේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මත්පැන් පානය කර නිදාගෙන සිටි බවට ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
“එම අවස්ථාවේදී සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ඇමැතිවරයා දැනුවත්ව සිටියේ නැහැ” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම, “මම 2029 වසරේදීත් පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා, හර්ෂණ නානායක්කාර ඇමතිවරයාව බන්ධනාගාරගත කිරීමට කටයුතු කරනවා,” යනුවෙන්ද අර්චුනා වැඩිදුරටත් සඳහන් කළේය.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ කියාසිටියේ අධිකරණ අමාත්‍යවරයා මත්පැන් පානය කිරීම ඔහුගේ පෞද්ගලික කාරණයක් බවයි. “මේ මන්ත්‍රීවරුන් කතා කරන්නේ අමාත්‍යවරයාගේ වීදුරුවට සෝඩා දැම්මේ ඔවුන් වගෙයි. ගැටුමෙන් පසුව අමාත්‍යවරයා සිය රාජකාරිය නිසි ලෙස ඉටුකළා. එමෙන්ම ගැටුමෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් කළ යුතු සියලු දේ ඔහු ඉටුකළා” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart