
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලිබල මණ්ඩලයට අනුයුක්තව සේවය කළ ඉංජිනේරුවරියක් විශ්‍රාම යෑමට දිනකට පෙර අතිරේක සාමාන්‍යධිකාරී (බෙදා හැරීමේ දෙවන අංශයේ) තනතුරට උසස් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.
පසුගිය 14 වැනිදා ලංවිම නියෝජ්‍ය කාර්‍යාලය ලිපියක් මගින් දන්වා ඇත්තේ ඇයව ඉංජිනේරු සේවා විශේෂ පංතියට උසස් කිරීමට තීරණය කර ඇති බවයි.
එසේම 15 වැනි දින තනතුරෙන් විශ්‍රාම යෑමෙන් පසු එම තනතුරේ කටයුතු ආවරණය කරන ඉංජිනේරුවරයාට වගකීම් භාරදෙන ලෙසද උපදෙස් ලබාදී ඇත.
මීට අදාළ ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග, එම නිළධාරිනිය විශ්‍රාම යෑමට දිනයක් පමණක් තිබියදී උසස්වීමක් ලබාදීමෙන් , එක් දිනක් පමණක් දැරූ තනතුරකට අදාළ ව විශ්‍රාම වරප්‍රසාද භුක්ති විදීමට ඇයට අවස්ථාව හිමි වන බවට විවිධ පාර්ශවයන් අදහස් දක්වා ඇත.
දිගින් දිගටම පාඩු ලබන විදුලිබල මණ්ඩලය දැනට සිදු කරන ප්‍රතිව්‍යුහගත කිරීම අතර මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව විචාරක මතයයි.
මේ පිළිබඳ ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයක දී විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවසුවේ ” මේ කාරණය සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. මම දන්නවා විදුලිබල මණ්ඩලය මෙය කළ පළමු අවස්ථාව මේක නොවේ. මේ වගේ දේවල් පසුගිය කාලයේ දීත් සිදුවුණා. මේ පිළිබඳ මා කළ විමසීමක දී දැනගන්න ලැබුණේ මෙම තැනැත්තිය වසර 32 ක පමණ කාලයක සිට සේවය කරන බව. ඇය උසස්වීම ලැබීමට නියමිතව සිට තිබෙනවා. නමුත් එම ක්‍රියාවලිය සදහා ලංවිම අනුමැතිය ලබා ගැනීමේ ප්‍රමාදයක් සිදුව තිබෙනවා. මම මේක කළමනාකාරීත්වයට ගෙන ගොස් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් ඉල්ලා තිබෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart