
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සමුද්‍රිය පරිසර ආරක්ෂක අධිකාරිය සිදු කළ විමර්ශන පරීක්ෂණ වාර්තාවල තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට අදාළව තොරතුරු කොමිසම ඉදිරියේ පවතින විභාගයක් සදහා පෙනී සිටිම එම අධිකාරිය විසින් කිහිප අවස්ථාවකම පැහැර හැර ඇති බව වාර්තා වේ.
ඉල්ලුම්කරුවකු විසින් අදාළ විමර්ශන පරීක්ෂණ වාර්තාවල තොරතුරු ඉල්ලා මාස 09 දින 15 ක් මෙන්ම තොරතුරු ලබානොදීම සම්බන්ධයෙන් තොරතුරු කොමිසමට අභියාචනා කර මාස 05 කුත් දින 08 ක් ගතවී තිබේ.
තොරතුරු ඉල්ලුම්කරු කළ අභියාවනාවකට අනුව පසුගිය අගෝස්තු 03 වැනිදා කොමිසම ඉදිරියේ පෙනීසිටින ලෙස සමුද්‍රිය පරිසර ආරක්ෂක අධිකාරියට නොතීසි යවා තිබුණද එම අධිකාරිය කොමිසම ඉදිරියේ පෙනීසිටිම පැහැර හැර තිබුණී.
නැවත ඔක්තෝම්බර් 06 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමට ද අදාළ අධිකාරිය ප්‍රතිචාර දක්වා නැති අතර ඒ අනුව අභියාචනාවේ අවසාන තීරණය නොවැම්බර් මස 30 වැනිදා ලබා දෙන බව තොරතුරු කොමිසම විසින් සදහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart