
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ(LPL) සමාරම්භය අද (30) රාත්‍රියේ කොළඹ ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි සිදුවේ.
රාත්‍රී 7.30ට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම එහිදී තරග වැදීමට නියමිතය.
එම කණ්ඩායම් දෙක පිළිවෙළින් පසුගිය වර ශූරයන් සහ අනුශූරයන් ය.
LPL තරගාවලියේ සමාරම්භක උත්සවය අද පස්වරු 5.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරයන්ගේ කුසලානය නිර්මාණය කර ඇත්තේ ඉවත දමන ලද ඇලුමීනියම් කෑන් ප්‍රතිචක්‍රීකරණය කොට උණුකිරීමෙන් ලබාගන්නා ලෝහ ද මිශ්‍ර කරමින් වීම විශේෂත්වයකි.
‘ලස්සන වෙරළ’ වැඩසටහන මගින් මෙරට වෙරළ තීරයන් වෙත අවිධිමත් ලෙස බැහැර කර තිබු ඇලුමිනියම් කෑන් මෙම LPL කුසලානය නිර්මාණය කිරීමට උපයෝගී කරගෙන තිබේ.
එම කුසලානය පසුගියදා කොළඹ අවට ප්‍රදර්ශනය කෙරිණි.
මෙවර පැවැත්වෙන්නේ එල්පීඑල් 4 වැනි තරගාවලිය වන අතර පසුගිය අවස්ථා තුනේදීම ශූරයන් බවට පත්වූයේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.
කණ්ඩායම් 5 ක් සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වේ.
අදින් ආරම්භ වන මූලික වටය අගෝස්තු 15 වැනිදා අවසන් වීමට නියමිතය.
අවසන් වටය අගෝස්තු 17 වැනිදා ආරම්භ වේ.
මූලික වටයට අයත් තරග 12 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සහ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී තරග 08 ක් පැවැත් විමට නියමිතය.
අවසන් වටයේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන හතර හිමිකර ගන්නා කණ්ඩායම් හතර අවසන් වටයට සුදුසුකම් ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart