
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙවුන්දර, ගන්දර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 115 යි මිලිග්‍රෑම් 200 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 යි මිලිග්‍රෑම් 700 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ 5 ක් පමණ මුදල් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත ඊයේ (31) පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බවත්, ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලින් උපයා ගත් මුදල් පරිහරණය කිරීමට සම්බන්ධ වී ඇති බවත් විමර්ශනවලින් හෙළි වී තිබේ.
සැකකරු අද (01) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart