
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය යළිත් වරක් තමන් සතු කරගත් 31 හැවිරිදි කුසල් මෙන්ඩිස්, සිය ක්‍රීඩා ජීවිතයේ සුවිශේෂී කඩඉමකට මුහුණදීමට සූදානමින් සිටියි. ඒ, බදාදා (ජූනි 3) කින්ග්ස්ටන්හිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ආරම්භ වන පළමු එක්දින තරඟයත් සමඟිනි. අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දශකයක අත්දැකීම් ඇතත්, කුසල් මෙන්ඩිස් කොදෙව් දේශයේදී එක්දින තරඟාවලියකට ක්‍රීඩාකරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මෙම තරඟාවලිය ශ්‍රී ලංකා පිලට අභියෝගාත්මක මෙන්ම නව ගමනක ආරම්භයක් ද වෙයි. පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකාව ලැබූ පසුබෑමෙන් පසු සනත් ජයසූරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, ඉන් අනතුරුව පසුගිය අප්‍රේල් මාසයේදී කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සුපිරි පුහුණුකරු ගැරී කර්ස්ටන් (Gary Kirsten) වැඩ භාරගත්තේය.
කර්ස්ටන් ඇතුළු නව පුහුණුකාර මණ්ඩලයේ ආගමනය පිළිබඳව නායක කුසල් මෙන්ඩිස් දැඩි විශ්වාසයකින් පසුවෙයි. “මම සති දෙක තුනක් කණ්ඩායම එක්ක පුහුණුවීම් කළා. එහිදී කැපීපෙනෙන වෙනසක් මම දැක්කා. ප්‍රධාන පුහුණුකරු මීට පෙර ඉන්දියාවටත් පුහුණුකාරිත්වය ලබා දී ඇති නිසා එම අත්දැකීම් සමඟ අපට පුහුණු කිරීම ඔහුට පහසු වනු ඇතැයි මම විශ්වාස කරනවා. පුහුණුකාර මණ්ඩලය ගැන මම ගොඩක් සතුටු වෙනවා” යැයි මෙන්ඩිස් පවසයි.
කොදෙව් තණතීරු සහ වගකීම් බෙදී යාම
අවසාන වරට 2020 වසරේදී දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල කොදෙව් දේශයේ කළ සංචාරය 3-0ක් ලෙස අසාර්ථක වුවද, 2024 වසරේදී කොදෙව්වන් ලංකාවට පැමිණි අවස්ථාවේදී 2-1ක් ලෙස තරඟාවලිය ජය ගැනීමට ලංකාව සමත් විය. එහිදී කොදෙව් තණතීරුවල පවතින අමතර පන්දු ඉපිලීම (Bounce) හඳුනාගෙන ඊට හැඩගැසීම තම පිතිකරුවන්ගේ වගකීම බව මෙන්ඩිස් පෙන්වාදෙයි.
තරඟාවලියේ වගකීම් බෙදීයෑම පිළිබඳව අදහස් දක්වමින් නායකයා පවසන්නේ, පන්දු යැවීමේ වගකීම අසිත ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර වෙත පවරා ඇති අතර, පිතිකරණයෙන් පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ තමන් පෙරමුණ ගන්නා බවයි. මෑතකදී නිමාවූ පාකිස්තාන සුපර් ලීග් (PSL) තරඟාවලියේදී පෙෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් ලකුණු 550ක් රැස්කරමින් සුපිරි තත්වයක පසුවන මෙන්ඩිස්, කවුරුන් නායකත්වය දැරුවද කණ්ඩායමේ එකම ඉලක්කය ජයග්‍රහණය බව අවධාරණය කරයි.
කොදෙව් බලකොටුව බිඳීමේ අභියෝගය
අනෙක් පසින් ඩැරන් සැමීගේ පුහුණුකාරිත්වය යටතේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් පිල තමන්ගේ මව්බිම ප්‍රබල බලකොටුවක් බවට පත්කරගෙන හමාරය. 2023 අගෝස්තු මාසයෙන් පසු ඔවුන් තම මව්බිමේදී කිසිදු එක්දින තරඟාවලියක් පරාජය වී නොමැති අතර, එංගලන්තය, බංග්ලාදේශය සහ පාකිස්තානය පරාජය කිරීමට ඔවුන් සමත්ව ඇත.
කොදෙව් පුහුණුකරු ඩැරන් සැමී පවසන්නේ, ලංකා කණ්ඩායම සතු දඟපන්දු බලඇණිය තමන්ට ලොකු අභියෝගයක් වනු ඇති බවයි. “ලංකාවේ දඟපන්දු යවන්නන්ට අපේ ක්‍රීඩකයන් මුහුණදෙන ආකාරය සහ අපේ වේගපන්දු යවන්නන් වන ජේඩන් සීල්ස්, අල්සාරි ජෝසෆ් සහ ෂමාර් ජෝසෆ් ඔවුන්ගේ පිතිකරුවන්ට එරෙහිව පන්දු යවන ආකාරය මත මෙම තරඟාවලියේ ජයග්‍රහණය තීරණය වේවි” යැයි සැමී පවසයි.
එක්දින තරඟ 3කින් සමන්විත මෙම තරඟාවලියෙන් අනතුරුව 20-20 තරඟ 3ක් සහ ටෙස්ට් තරඟ 2ක් ද පැවැත්වීමට නියමිතය. එහෙත්, සැමගේ අවධානය යොමුව ඇත්තේ නව පුහුණුකරුවෙකුගේ මඟපෙන්වීම යටතේ, නව නායකයෙකු සමඟින් ශ්‍රී ලංකා සිංහයන් කින්ග්ස්ටන්හිදී තබන පළමු පියවර දෙසටය.
(උපුටාගැනීම – Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart