
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකළ අඹුසැමි යුවළක් කහතුඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පිළියන්දල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු රාත්‍රියේ විශේෂ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටියදී පිළියන්දල නගරයේ දී සැකකටයුතු ලෙස පැමිණි ලොරි රථයක් නැවැත්වීමට සංඥා කර ඇත.
එහිදී අණ නොතකා ධාවනය වූ ලොරිය පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී ලොරිය නවත්වා පරික්ෂා කර තිබේ.
එම අවස්ථාවේදී එම රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ සහ තවත් කණ්ඩායමක් පොලිස් නිලධාරීන්ට පොලුවලින් පහරදී තුවාල සිදුකර ඇති බව පොලීසිය පවසයි.
පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ලොරි රථයේ රියදුරුද පොලීසියෙන් පහරදුන් බව කියමින් ප්‍රතිකාර සඳහා වෑතර රෝහලට ඇතුළත් වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර යුවල කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart