
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන භෞමික ප්‍රතිසම රූපවාහිනී තාක්ෂණික ක්‍රමවේදය යටතේ නාලිකා පවත්වාගෙන යෑම සඳහා මේ වන විට ආයතන 16ක් වෙත නිකුත් කර ඇති බලපත්‍ර උපයෝගි කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය නාලිකා 5ක් ද ඇතුළුව රූපවාහිනී නාලිකා 24ක් රට තුළ දැනට පවත්වාගෙන යනු ලබයි.
මේ වන විට රූපවාහිනී නාලිකා සංඛ්‍යාත වර්ණාවලියේ උපරිම ධාරිතාව භාවිත කරමින් ක්‍රියාත්මකව පවතින අතර, වසර 46ක් පමණ පැරණි භෞමික ප්‍රතිසම රූපවාහිනී විකාශන පද්ධතිය වෙනුවට නවීන තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්ත්වයේ ඩිජිටල් අත්දැකීමක් ලබාදීම අරමුණු කර ගනිමින් තනි ඩිජිටල් භෞමික විකාශන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යාංශය විසින් ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය 2025 වර්ෂයේදී ආරම්භ කර ඇත.
ඒ සඳහා ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය විසින් ගිවිසුමකට එළඹ ඇති අතර, ව්‍යාපෘතිය 2029 වර්ෂයේදී අවසන් කිරීමට නියමිත ව තිබේ.
ව්‍යාපෘතිය අවසන් වී වසර 02කින් පසු පැරණි භෞමික ප්‍රතිසම රූපවාහිනී විකාශන පද්ධතිය සම්පූර්ණයෙන් වසාදැමීමට නියමිත ව ඇති බැවින්, ඒ හරහා තවදුරටත් බලපත්‍ර ලබාදීම ඵලදායී නොවන බව නිරීක්ෂණය කර ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රූපවාහිනී නාලිකා භෞමිකව ක්‍රියාත්මක කිරීම සඳහා සංඛ්‍යාත වර්ණාවලියෙන් සංඛ්‍යාත වෙන්කිරීමේ ක්‍රියාවලිය සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රූපවාහිනී නාලිකා භෞමිකව ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart