
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය පිළිගත් ඉරාන නායක ආචාර්ය සෙයිද් එබ්‍රහීම් රයිසි ඉදිරි දිනයක ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
පසුගිය බදාදා නිව්යෝර්ක්හි පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වූ අවස්ථාවේ ජනාධිපතිවරයාට ඉරාන නායකයා හමුවී තිබේ.
“නායකයන් දෙදෙනා සුහද සාකච්ඡාවක නිරත වූ අතර නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති වික්‍රමසිංහ කළ ආරාධනය ආචාර්ය රයිසි පිළිගෙන ඇත” යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර ඇත.
2008 අප්‍රේල් මාසයේ දී මෙරටට පැමිණි ආචාර්ය මහමුද් අහමදි නෙජාඩ්ගෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණෙන පළමු ඉරාන නායකයා රයිසි වනු ඇත.
එක්සත් ජනපදයේ සම්බාධක තිබියදීත්, ශ්‍රී ලංකාව සහ ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන ගොස් ඇති අතර, 2012 සිට ශ්‍රී ලංකාවට ඉරානයෙන් බොරතෙල් අඩු මිලට ලැබී ඇත.
එක්සත් ජනපදයේ සම්බාධකවලට ගැටළුවක් නොවන ආකාරයට, ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යනු ලබන ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ජාතික ඉරාන තෙල් සමාගමට ගෙවිය යුතු මුළු තෙල් ණයට හිලව් වන ආකාරයෙන් ඉරානයට තේ අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව 2021 දෙසැම්බර් මාසයේදීඉරානය සමග ගිවිසුමක් අත්සන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart