
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධකරුවන් හෝ ඒ හා සමාන කණ්ඩායම් ආරක්ෂක අංශ නිල ඇඳුම් වලින් සැරසී නීති විරෝධී ක්‍රියාවන් සිදුකිරීමට ගන්නා උත්සාහයන් වළක්වා ගැනීමට ප්‍රභූ උත්සව සඳහා අනුයුක්ත කර ඇති පුද්ගලයන් නිවැරදිව හඳුනා ගැනීමට පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තම නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මේ සතියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යවන ලද අභ්‍යන්තර චක්‍රලේඛයක පොලිස්පතිවරයා සඳහන් කරන්නේ, ප්‍රභූ ආරක්ෂාවට ඇති වත්මන් තර්ජන සළකා බැලීමේදී, ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලිසියේ හෝ වෙනත් ආයතනවල නිල ඇඳුමින් සැරසුණු අපරාධකරුවකු හෝ ප්රචණ්ඩකාරීයකු ප්‍රභූන් සහභාගී වන උත්සවවලට ඇතුළු වී අපරාධයක් හෝ ජීවිත තර්ජනයක් විය හැකි ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ ඇති බවයි.
එබැවින්, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අමාත්‍යවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී වන උත්සවවල ආරක්ෂාව සහ රථවාහන පාලනය වැනි අත්‍යවශ්‍ය රාජකාරි පවරන විට, ආරක්ෂක හමුදා නිල ඇඳුම් ඇඳ සිටින අය නිවැරදිව හඳුනා ගැනීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය බව චක්රලේඛයෙන් අවධාරණය කර තිබේ.
ඒ අනුව, එවැනි උත්සවවලදී රාජකාරි සඳහා අනුයුක්ත කිරීමට නියමිත නිලධාරීන් කල්තියා හඳුනාගෙන ඔවුන් සත්‍යාපනය කිරීම ඉතා වැදගත් බව පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.
විශේෂ රාජකාරි අවස්ථාවන්හිදී ආරක්ෂක කලාපවල නිලධාරීන් හඳුනා ගැනීම සහ වෙන්කර හඳුනා ගැනීම සඳහා විවිධ වර්ණවලින් යුත් මැණික් කටු පටි, ලාංඡන හෝ වෙනත් සංකේත නිකුත් කිරීමේදී පෙරට වඩා වැඩි අවධානයකින් එය සිදු කළ යුතු බවට චක්රලේඛයෙන් උපදෙස් දී ඇත.
නීතිඥයකු ලෙස වෙස්වලාගත් තුවක්කුකරුවකු අධිකරණ ශාලාවකදී සැකකරුවකු ඝාතනය කළ මෑත කාලීන සිදුවීම් සැළකිල්ලට ගනිමින්, මෙම කාරණය නොසළකා හැරිය නොහැකි බව පොලිස්පතිවරයා නිලධාරීන්ට සිහි කැඳවා ඇත.
එබැවින්, මෙම කාරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර එවැනි සිදුවීමක් නැවත ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ඔහු සියලුම නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart