November 14, 2026

මැදිරිගිරිය, බිසෝපුර ප්‍රදේශයේ මහවැලි වාරි ඇළකට ඇදවැටී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ වයෝවෘද්ධ ඇතින්නියකට වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් විසින් නොවැම්බර් 12 වැනිදා කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබේ.

අඩි 7ක් පමණ උසැති, වයස අවුරුදු 50ත් 60ත් අතර පසුවන මෙම ඇතින්නිය දැඩි දුර්වලතාවයකින් පෙළෙමින් සිටි අතර ආහාර ගැනීමට පවා නොහැකි තත්ත්වයක සිට ඇත.

ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය නිලධාරී සමීර කාලිංගආරච්චි සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ කැපවීම මත මෙම ප්‍රතිකාර මෙහෙයුම සාර්ථකව සිදුකර තිබේ.