
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සදහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නම්කළ බව තේරීම් කමිටු ප්‍රධානි අජිත් අගාකාර් පවසයි.
මෙරට පැවැති ජනමාධ්‍ය හමුකට එක්වෙමින් ඔහු එම සංචිතය නිවේදනය කර තිබේ.
ඉන්දීය කණ්ඩායම එක්දින ලෝක කුසලානයේදි මෙහෙයවීමේ වගකීම රෝහිත් ෂර්මාට හිමිව ඇති අතර උප නායකයා ලෙස හර්ඩික් පාන්ඩ්‍යා පත්කර ඇත.
අබාධයක් හේතුවෙන් ආසියානු කුසලානය අහිමිවූ කේ.එල්.රාහුල් 15 දෙනකුගෙන් යුත් සංචිතයට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත්, රවිචන්ද්‍රන් අශ්වින් සහ යුස්වෙන්ද්‍ර චහල් සංචිතයට නම් කර නොමැත.
එමෙන්ම ආසියානු කුසලානයට එක්ව සිටින මැදපෙළ පිතිකරු තිලක් වර්මා සහ වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රසිද් ක්‍රිෂ්ණාටද අවස්ථාව අහිමිව ඇත.
ඔක්තෝබර් මස 05 වැනදා ඉන්දියාවේ ආරම්භ වන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් නම් කිරීමට ලබන 28 දක්වා අවස්ථාව පවතින අතර, ඉන් පසු සංචිතයේ වෙනසක් සදහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවසරය ලබාගත යුතුය.
නම් කර ඇති ඉන්දීය සංචිතය:
රෝහිත් ෂර්මා
ශුබ්මන් ගිල්
විරාත් කෝලි
ශ්‍රෙයාස් අයියර්
කේ.එල්. රාහුල්
ඉෂාන් කිෂාන්
සූර්යකුමාර් යාදව්
හර්ඩික් පාන්ඩ්‍යා
රවින්ද්‍ර ජඩේජා
කුල්දීප් යාදව්
අක්ෂාර් පටෙල්
මොහොමඩ් සිරාජ්
මොහොමඩ් ෂාමි
ෂර්දුල් තාකූර්
ජස්ප්‍රිත් බුම්රා
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart