
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අංගුරුවාතොට, පෙතිගමුව කන්ද ප්‍රදේශයේදී බාල සොහොයුරා විසින් කරන ලද කැපුම් පහරදීමකින් 37 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
පොලිසිය සඳහන් කළේ හල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මියගිය පුද්ගලයා ඊයේ (18) රාත්‍රියේ තම මවට පහර දෙමින් සිට ඇති අතර, එහිදී මව බේරාගැනීමේ උත්සාහයක නිරත වූ 35 හැවිරිදි බාල සොහොයුරා විසින් මන්නා පිහියකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
පහරදීමෙන් තුවාල ලැබූ මව හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මියගිය පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කර නිවසට පැමිණ නිරන්තරයෙන් ගැටුම් ඇති කරගන්නා අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
මීට පෙරද මොහු තම පියාට පහරදී තුවාල සිදුකර තිබූ අතර, ඒ සඳහා පියාද හොරණ රෝහලෙන් ප්‍රතිකාර ලබා තිබූ බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගේ 35 හැවිරිදි බාල සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
අංගුරුවාතොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart