
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන අභියෝගයන්ට මුහුණ දීම සඳහා වන ජාතික ප්‍රතිපත්ති රාමුවක් සම්බන්ධයෙන්, පැලවත්ත පදනම් කරගත් දේශපාලන කණ්ඩායම (ජාතික ජන බලවේගය) හැර අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින් රනිල් වික්‍රමසිංහ කියාසිටියේ, රටේ දේශපාලන හා ආර්ථික අනාගතය පිළිබඳ සාකච්ඡා පහසු කිරීම සඳහා සාකච්ඡා පත්‍රිකාවක් පිළියෙල කර ඇති බවයි.
“මෙය සකස් කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට විතරක් නෙවෙයි. අපි පැලවත්ත හැර අන් සියලුම පක්ෂ සමඟ සාකච්ඡා කරනවා” යැයි රනිල් වික්‍රමසිංහ පැවසීය.
පොදු ජාතික වැඩසටහනක් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර පුළුල්ම එකඟතාවකට පැමිණීම මෙහි අරමුණ බව ඔහු සඳහන් කළේය.
ආර්ථික ස්ථාවරත්වය, ආයෝජන ප්‍රවර්ධනය, රැකියා උත්පාදනය සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමුකරමින් වසර 20 ක පමණ කාලයක් පවත්වාගෙන යා හැකි ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට හිටපු ජනාධිපතිවරයා යෝජනා කළේය.
ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන ආර්ථික දුෂ්කරතා පිළිබඳව සිය කණගාටුව පළකළ ඔහු, මධ්‍යම පංතියේ ඇතැම් කොටස්වල ජීවන තත්ත්වය පහත වැටෙමින් පවතින බවට ද අනතුරු ඇඟවීය.
මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා වූ යෝජනා ද ඉදිරිපත් කළ රනිල් වික්‍රමසිංහ, ඡන්ද බලප්‍රදේශ හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 125 දෙනෙකු තෝරා පත්කර ගැනීම සහ දේශපාලන පක්ෂ මගින් නාමයෝජනා ලබන අපේක්ෂකයන් අතරින් 25% ක කාන්තා නියෝජනයක් තහවුරු කිරීම ඊට ඇතුළත් කළේය.
ලැයිස්තු ක්‍රමය හරහා වෙන්කරනු ලබන ඉතිරි පාර්ලිමේන්තු ආසන 100 න් 25 ක් ද කාන්තාවන් සඳහා වෙන්කළ යුතු බව ඔහු යෝජනා කළේය.
වෙනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවීම, දූෂණ විරෝධී පියවර ශක්තිමත් කිරීම සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල අනුග්‍රහය දක්වන යහපාලන ඇගයීම් (Governance Diagnostic Assessment) වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ද අනෙකුත් යෝජනා අතර වේ.
මෙම යෝජනා එක්සත් ජාතික පක්ෂයේ 1975 ප්‍රකාශනයේ සඳහන් මූලධර්ම මත පදනම් වූවක් බව රනිල් වික්‍රමසිංහ පැවසීය.
මෙම ලේඛනය අවසාන ප්‍රකාශනයක් නොවන බවත්, දේශපාලන පක්ෂ සහ අනෙකුත් කණ්ඩායම් සමඟ පැවැත්වෙන සාකච්ඡාවලින් පසුව සංශෝධනය කළ හැකි බවත් ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, මෙම වැඩපිළිවෙළ තරුණ පරපුරට භාරදීමට තමා බලාපොරොත්තු වන බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart