
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ‘ත්‍රස්තවාදයට එරෙහි’ පනත් කෙටුම්පතේ පිටපතක් ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව (HRCSL) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් සිදු කළ බවයි.
මෙය 2023 මාර්තු 17 වැනි දින ගැසට් කරන ලද පනත් කෙටුම්පතේ සංශෝධිත පිටපතක් ලෙස තමන්ට වැටහී යන බව කොමිසම ප්‍රකාශ කර ඇත.
2023 මාර්තු මාසයේ ගැසට් කරන ලද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම තම නිරීක්ෂණ සහ නිර්දේශ ද ඉදිරිපත් කර තිබේ.
නව අනුවාදයේ පිටපතක් ලැබුණු පසු සංශෝධිත පනත් කෙටුම්පත පිළිබඳ වැඩිදුර නිරීක්ෂණ සහ නිර්දේශ යැවීමට අපේක්ෂා කරන බව ද කොමිසම සදහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart