
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශයේ බොහෝ දෙනෙකුට රෝගී වීම තරම්ම භයානක ගැටලුව වන්නේ ඊට ප්‍රතිකාර ගැනීමට තමන්ට හැකියාවක් තිබේද යන්නයි. රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීම, දියවැඩියාව සඳහා මාසයකට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම හෝ ළඟම ඇති රෝහල වෙත යෑම පවා බොහෝ පවුල්වලට දරාගත නොහැකි මූල්‍ය බරක් බවට පත්ව ඇත.
ජීවත්වන ස්ථානය, ආදායම සහ අධ්‍යාපන මට්ටම අනුව පුද්ගලයෙකුගේ නීරෝගීභාවය මෙන්ම ප්‍රතිකාර ලැබීමේ හැකියාව තීරණය වන බවට වූ කණගාටුදායක සත්‍යය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිකුත් කරන ලද වාර්තාවකින් අනාවරණය වේ.
ලොව පුරා රටවල් අභ්‍යන්තරයේ පවතින අසමානතා පිළිබඳව පරීක්ෂා කරන මෙම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, අඩු වරප්‍රසාද සහිත සමාජ කොටස් හෘද රෝග, පිළිකා, දියවැඩියාව සහ ශ්වසන ආබාධ වැනි දීර්ඝකාලීන රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමකට ලක්වන බවයි. එමෙන්ම පරීක්ෂණ සිදු කර ගැනීම, රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ලබා ගැනීමේදීද ඔවුහු රැසකට මුහුණ දෙති.
බංග්ලාදේශයේ සිදුවන සමස්ත මරණවලින් සියයට 71කට පමණ වගකිවයුත්තේ දියවැඩියාව, පිළිකා සහ හෘද රෝග වැනි බෝ නොවන රෝගයි. ලෝක බැංකු දත්ත උපුටා දක්වමින් මෙම වාර්තාව සඳහන් කරන්නේ, එරට සෞඛ්‍ය පිරිවැයෙන් සියයට 79.31ක්ම රෝගීන් විසින් තම පෞද්ගලික මුදලින් දැරීමට සිදුව ඇති බවයි.
මේවා හුදෙක් නිදර්ශනාත්මක උදාහරණ පමණක් වුවද, මූල්‍ය දුෂ්කරතා හමුවේ මිනිසුන්ට මුහුණ දීමට සිදුවන අභියෝගාත්මක තේරීම් මේ හරහා යථාර්ථවාදීව පිළිඹිඹු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සොයාගැනීම්වලට අනුව, දුප්පත් ප්‍රජාවන්ට මූලික සෞඛ්‍ය සේවා ලබා ගැනීම පවා බොහෝ විට දැඩි අරගලයකි. ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අධික රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීමට සහ ප්‍රතිකාර ලබා ගැනීමට ඇති ඉඩකඩ අඩු වන අතර, අඩු වරප්‍රසාද ලත් කාන්තාවන් ගැබ්ගෙල පිළිකා පරීක්ෂණවලට ලක්වීමේ ප්‍රවණතාවද පහළ අගයක පවතී.
මෙම අසමානතාවන් ආරම්භ වන්නේ රෝගයක් වැළඳීමටත් පෙර සිටමය. පෝෂ්‍යදායී ආහාර මිලදී ගැනීමට නොහැකි වීම, ව්‍යායාම සඳහා සුරක්ෂිත ස්ථාන නොමැති වීම මෙන්ම දුම්කොළ භාවිතයට නිරාවරණය වීම සහ පරිසර දූෂණය වැනි කරුණු මගින් මෙම සෞඛ්‍ය අවදානම් තවදුරටත් ඉහළ නංවයි.
දුප්පත්කම සහ ප්‍රවේශ වීමේ සීමාවන් මත පදනම් වූ මෙවැනි ගැටලුවලට, ජනතාවට යහපත් ලෙස ආහාර ගන්නා ලෙසත්, වැඩිපුර ව්‍යායාම කරන ලෙසත් හෝ නිතිපතා වෛද්‍යවරුන් හමුවන ලෙසත් පැවසීමෙන් පමණක් විසඳුම් සෙවිය නොහැක. රෝග වළක්වා ගැනීම ජයග්රහණයෙන් අඩක් පමණක් වන අතර, දැරිය හැකි පිරිවැයකින් යුතු නිරන්තර ප්‍රතිකාර සේවාවක් තහවුරු කිරීමද එකසේ වැදගත් වන බව විශේෂඥයෝ පෙන්වා දෙති.
බංග්ලාදේශය සම්බන්ධයෙන් ගත් කල මෙයින් අදහස් වන්නේ, රුධිර පීඩනය සහ දියවැඩියා පරීක්ෂණ පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම, අත්‍යවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව පවත්වා ගැනීම සහ ප්‍රදේශීය මට්ටමින් සෞඛ්‍ය සේවාවන් බලගැන්වීමයි.
එමෙන්ම සෞඛ්‍ය පිරිවැය පියවා ගැනීමට ගොස් පවුල්වලට තමන්ගේ ආහාර, අධ්‍යාපනය හෝ මූලික ගෘහ අවශ්‍යතා කැප කිරීමට සිදු නොවන පරිදි මූල්‍යමය ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමද අතිශය තීරණාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart