June 23, 2026

නෙදර්ලන්ත රජය විසින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා ලබා දී තිබූ වාහනයක් තමාගේ පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසන් කළේය.

ඒ අනුව මෙම පෙත්සමෙහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබූ අධිකරණය, තීන්දුව ලබා දෙන දිනය පසුව දැනුම් දෙන බව නිවේදනය කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනුණි.

ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.