
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ දූත පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නායකයන් පිරිසක් අතර හමුවක් ඊයේ (24) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
එම හමුව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අන්තර්ජාතික දෙපාර්තමේන්තුවේ අග්නිදිග සහ දකුණු ආසියානු කටයුතු කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් Peng Xiubin ඇතුළු දූත පිරිසක් එක්ව ඇත.
එසේම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කාරක සභික වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක්ද ඊට සහභාගී වී තිබේ.
මෙම හමුවේදී චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින දීර්ඝකාලීන ම්ත්‍රත්වය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහායසය, රටේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර ජනාධිපති අනුර දිසානායකගේ චීන සංචාරය හා සමගාමීව අත්සන් කළ අවබෝධතා ගිවිසුම් අනුව 2025 වර්ෂයේදී සිදුකරන ලද සහයෝගීතා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.
දිත්වා සුළි කුණාටුව නිසා ලංකාවට සිදු වූ බලපෑම්වලින් විපතට පත් ජනතාව වෙනුවෙන් චීන රජය ලබාදුන් ආධාර සහ උපකාර පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙහිදී ස්තූතිය පළකර ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart