
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය හදිසියේම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම අද (17) රැස් වී හෙට (18) දිනයේ රටේ මැතිවරණ වැඩසටහන පිළිබඳ මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විභාග කිරීමට අදාළ ‘තේරීම් කාරක සභාවක්’ පත්කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, රජය ලහිලහියේ මේ කටයුත්තට යොමුව තිබෙන්නේ අලුතින් පත්වූ මැතිවරණ කොමිසමටත් අධිකරණය ඉදිරියේ තිබෙන්නා වූ නඩු විභාගවලටත් බලපෑම් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා වෙනුවට, ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උදෙසා අධිකරණයට සහ මැතිවරණ කොමිසට බලපෑමක් කිරීමටත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (17) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
හෙට දින පාර්ලිමේන්තුවේදී මැතිවරණ කොමිසමේ පළාත් පාලන මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳ තේරීම් කාරක සභාවක් පත්කරන්නේ, වර්තමාන මැතිවරණ කොමිසම රජයේ න්‍යාය පත්‍රයන්ට සීමාවන්ට අනුව කටයුතු කළ යුතු බවටත් එසේ නොවන්නේ නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉදිරියට යෑමට සිදුවන බවටත් වන පැහැදිලි ඉඟිය,ක් අනිසි තර්ජනයක් ලබාදීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේ ම රජයේ අදහස්වල අනුව අධිකරණ විනිසුරුවන් කටයුතු නොකරන්නේ නම්, අධිකරණ තීන්දු ක්‍රියාත්මක නොවන්නේ නම්, විනිසුරුවන් තේරීම් කාරක සභාවක් ඉදිරියට ගෙනවිත් පීඩනයට ලක්කිරීමට වුව හැකි බවට වන ඉගියක් මේ තුළින් ලබාදෙන බවත්, මේ දේශපාලන සූදුව, දේශපාලන විජ්ජාව ක්‍රියාත්මක කරමින් ජරාජීරණ වූ යල්පැන ගිය පැරණි ක්‍රමවේදයම ක්‍රියාත්මක කිරීමක් මේ තේරීම් කාරක සභාව තුළින් සිදුවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
සත්‍ය වශයෙන්ම ආණ්ඩුවේ ක්‍රියාකලාපය තුළින් ජනතා පරාමාධිපත්‍ය, සෛරීත්වය සහ සර්වජන ඡන්ද බලය ජනතාවට අහිමි කිරීමක් හා විනාශ කිරීමක් සිදුවන බවත්, මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කිරිම යන තේමාව යටතේ රජය විසින් අධිකරණයටත් ස්වාධින මැතිවරණ කොමිසමටත් බලපෑම් එල්ල කිරිමට යන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියාසිටියේ මේ වන විට උල්ලංඝනය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද නොව ලක්ෂ 220ක් වූ ජනතාවගේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart