
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ත්‍රස්තවාදය අවසන් කිරීමට සටන් කළ රණවිරුවන් මර්දනය කිරීමට ආණ්ඩුව උත්සහ ගන්නා බව පවසමින් සහ ඒ සම්බන්ධයෙන් කණස්සල්ල පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහානායක හිමිවරුන් වෙත ලිපියක් යොමුකර තිබේ.
එම පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම්ගේ අත්සනින් යුතුව සැප්තැම්බර් 2 දිනැතිව නිකුත් කර ඇති ලිපියෙන් ඔවුන් අනතුරු අඟවන්නේ, වසර 16කට පෙර ත්‍රස්තවාදය අවසන් කළද එය පිටුපස ඇති මතවාදය තවමත් පවතින බවයි.
වත්මන් ආණ්ඩුව ඔවුන්ට බලයට පැමිණීමට සහාය දුන් බාහිර ක්‍රියාකාරීන්ගේ බලපෑම් මත රණවිරුවන්ට එරෙහි කණ්ඩායම් තෘප්තිමත් කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගන්නා බවට ද අදාළ ලිපිය මගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසා තිබේ.
රණවිරුවන් අසාධාරණ ලෙස පීඩාවට පත්වන බවත්, මියගිය රණවිරුවන් වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන සැමරුම් නොසලකා හැරීම සහ ඒ වෙනුවට දේශීය හා විදේශීය වශයෙන් ත්‍රස්තවාදය උත්කර්ෂයට නංවන සිදුවීම් ඉවසා සිටීම පිළිබඳව එම ලිපි මගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව වෙත චෝදනා එල්ල කරයි.
රටේ නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම ජාතික වගකීමක් බව අවධාරණය කරන එම පෙරමුණ, ඒ සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ අනුග්‍රහය දක්වන මෙන් ඉල්ලා තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart