
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය විසින් සහන සැලසීම මඟින් ඉන්ධන මිල පාලනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, 2026-03-22 දින සිට 92 ඔක්ටේන් පෙට්‍රල් හා ඔටෝ ඩීසල්වල ප්‍රකාශිත විකුණුම් මිලට වඩා ආනයනික මිල වැඩිනම්, 92 ඔක්ටේන් කාණ්ඩයේ ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 20/-ක් දක්වා සහ ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100/-ක් දක්වා ඉන්ධන ආනයනික සැපයුම්කරුවන් වෙත ගෙවීම මඟින් ඉන්ධන මිල ඉහළ යාම පාලනය කරමින් මහජනතාව වෙත සහන සැලසීමට රජය තීරණය කර ඇත.
පහතින් දැක්වෙන්නේ ඊට අදාළ කැබිනට් යෝජනාවයි.
‘මැදපෙරදිග කලාපයේ ඇති වී ඇති යුධමය තත්ත්වය හේතුවෙන් සිදු වන බාහිර කම්පන මඟින් මහජනතාවගේ එදිනෙදා ජීවිතයට මෙන්ම සමස්ත ආර්ථිකයට ඇති වන බලපෑම විධිමත්ව කළමනාකරණය කර ගැනීම පිණිස රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. ඒ යටතේ මහජනතාව වැඩි වශයෙන් භාවිත කරනු ලබන ඔක්ටේන් පෙට්‍රල් සහ පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරනු ලබන ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ යාම පාලනය කිරීම සඳහා රජයේ මැදිහත්වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, 2026-03-22 දින සිට 92 ඔක්ටේන් පෙට්‍රල් හා ඔටෝ ඩීසල්වල ප්‍රකාශිත විකුණුම් මිලට වඩා ආනයනික මිල වැඩි නම්, 92 ඔක්ටේන් කාණ්ඩයේ ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 20/-ක් දක්වා සහ ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100/-ක් දක්වා ඉන්ධන ආනයනික සැපයුම්කරුවන් වෙත ගෙවීම මඟින් ඉන්ධන මිල ඉහළ යාම පාලනය කරමින් මහජනතාව වෙත සහන සැලසීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart