
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකාවේ උග්ර වෙමින් පවතින අලි-මිනිස් ගැටුම හේතුවෙන් 2010 වසරේ සිට 2026 වසර දක්වා කාලය තුළ වනඅලි 5,000කට ආසන්න සංඛ්යාවක් මියගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත සහ පර්යේෂණ වාර්තා හෙළිකරයි.
ඒ අනුව, 2010 සිට 2019 දක්වා වසර දහයක කාලය තුළ වනඅලි මරණ 2,631ක් ද, 2020 වසරේදී මරණ 328ක් ද, 2021දී 375ක් ද, 2022දී 439ක් ද වාර්තා වී ඇත. 2023 වසරේදී වනඅලි මරණ 488ක් වාර්තා වී ඇති අතර, එය ඉහළම වාර්ෂික අගය ලෙස දැක්වේ. 2024 වසරේදී මරණ 388ක් වාර්තා වී තිබේ. 2025 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ මරණ 245ක් ද, 2026 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මරණ 204ක් ද වාර්තා වී ඇත.
මෙම කාලය තුළ ශ්රී ලංකාවේ ජනතා ආදරයට පාත්ර වූ ප්රසිද්ධ හස්තීන් රැසක් ද මියගොස් තිබේ. ඒ අතර,
සියඹලාගමුවේ මහ ඇතා – 2010 දී
ගල්ගමුවේ දලපූට්ටුවා – 2017 දී
මිස්සක – 2018 දී
මුගලන් – 2018 දී
රේවත – 2020 දී
මනබරණ – 2022 දී
තේක්ක රාජා – 2023 දී
මහේශාක්ය – 2023 දී
දීගදන්තු – 2024 දී
භාතිය – 2025 දී
යුනිකෝන් – 2025 දී
ධනුද්ධර – 2025 දී
කාවන්තිස්ස – 2026 දී මියගියේය.
වනඅලි වාසස්ථාන සීමාවීම, මිනිස් ජනාවාස වනාන්තර ආශ්රිත ප්රදේශවලට ව්යාප්ත වීම සහ ආහාර හා ජලය සොයා වනඅලි ගම්මානවලට පැමිණීම අලි-මිනිස් ගැටුමට බලපාන සාධක අතර වේ.
මෙම ගැටුමෙන් වනඅලි මියයනවා පමණක් නොව, ජනතාවගේ ජීවිත, දේපළ සහ ජීවනෝපායන් ද අවදානමට ලක් වේ. එබැවින් වනඅලි ගමන් මාර්ග ආරක්ෂා කිරීම, වාසස්ථාන සුරැකීම සහ විද්යාත්මක පදනමක් මත දිගුකාලීන විසඳුම් ක්රියාත්මක කිරීම අත්යවශ්ය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart