
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බදු වැඩි කිරීමකින් තොරව රටේ ආදායම සියයට 50කින් ඉහළ නැංවීමට හැකියාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
ඊයේ (17) කඹුරුපිටියේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව පවසා ඇත.
එමෙන්ම මෙරට බදු නොගෙවා සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන ධනවත් පවුලක් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එම පවුලේ ආදායම පිළිබඳව නිසි පරීක්ෂණයක් පැවැත්වීමට රජය බියක් දක්වන බවත්, ඔවුන්ගේ ආදායම් වියදම් නිවැරදිව වාර්තා නොකිරීම ගැටලුවක් වී ඇති බවත්, ඔහු පවසයි.
ධනවතුන්ගේ ආදායම් වාර්තා කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් නව බදු අවශ්‍ය නොවන බව හෙතෙම පවසා ඇත.
ඇතැම් ව්‍යාපාරිකයන් හොඳින් ආදායම් ලබන බවත්, බදු නොගෙවා සිටින බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart