
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චැනල් 4 වැඩසටහනේ අන්තර්ගතය සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ශ්‍රී ලංකා ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
චැනල් 4 වීඩියෝ පටයේ අන්තර්ගතය විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා සහ රජය තීරණයකට එළැඹි බවද ඔහු පැවසීය.
“ජනාධිපතිවරයා සහ රජය බලාපොරොත්තු වන්නේ සාක්ෂිකරුවන්ට නැවත රටට පැමිණිය නොහැකි නම්, විදේශයන්හි සිට Zoom හරහා සාක්ෂි ලබාදීමට ඉඩ සලසන කමිටුවක් පත් කිරීමටයි” ඔහු සඳහන් කළේය.
“මෙතන හාස්‍යජනක කාරණය තමයි සිංහල බෞද්ධ නායකයෙක් බලයට ගේන්න මුස්ලිම් ගැබිනි කාන්තාවක් සහ පිරිමි 09 දෙනෙක් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළා. මේ දේවල් වෙන්නේ ලංකාවේ සහ ඉන්දීය සිනමාවේ විතරයි” රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
හිටපු නීතිපතිවරයා එම ධූරයේ කටයුතු කරමින් සිටියදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ බවත්, හිටපු නීතිපතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හමුවට කැඳවීමට රජය බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart