
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාපන්දු මැච් එකක් බලද්දී ක්‍රීඩකයෝ එකිනෙකාට බැනගන්න කොට අතින් කට වහගන්නවා ඔබ ඕනෑතරම් දැක ඇති. කැමරාවලට තමන් කියන දේ අහුවෙයි කියන බයට තමයි ගොඩක් අය එහෙම කරන්නේ. හැබැයි මෙන්න මේ ‘කට වැසීමේ සෙල්ලම’ නිසාම ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට ක්‍රීඩකයෙකුට රතු කාඩ්පතක් ලබා දී පිටියෙන් එළවා දැමීමේ අමුතුම සිදුවීමක් 2026 ලෝක කුසලාන තරඟාවලියෙන් වාර්තා වෙනවා.
මේ ඉරණමට මුහුණ දුන්නේ, පැරගුවේ කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක මිගෙල් අල්මිරෝන්. තුර්කිය සමඟ පැවැති තීරණාත්මක තරඟයේදී තුර්කි පසුපෙළ ක්‍රීඩක මෙරට් මුල්දූර් සමඟ ඇති වූ බහින්බස්වීමකදී අල්මිරෝන් තම කට අතින් වසාගෙන යම් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වූ තුර්කි ක්‍රීඩකයා මේ ගැන විනිසුරුට පැමිණිලි කළ අතර, VAR (Video Assistant Referee) තාක්ෂණය ඔස්සේ දර්ශන පරීක්ෂා කළ විනිසුරුවරයා කිසිම පැකිලීමකින් තොරව අල්මිරෝන්ට රතු කාඩ්පතක් පෙන්වා පිටියෙන් නෙරපා හැරියා.
ඇත්තටම මොකක්ද මේ අලුත් නීතිය?
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් මෑතකදී අලුත් නීතියක් පැනෙව්වා. ඒ අනුව ක්‍රීඩකයන් තරඟකාරී හෝ ගැටුම්කාරී අවස්ථාවකදී ප්‍රතිවාදියකු දෙස බලා කට වසාගෙන කතා කළහොත් ඍජුවම රතු කාඩ්පතක් හිමිවනවා. ක්‍රීඩකයන් කට වසාගෙන සිදුකරන ජාතිවාදී හෝ අපහාසාත්මක ප්‍රකාශ කැමරාවලට හසුනොවී සැඟවීම වැළැක්වීම සඳහායි මෙම දැඩි නීතිය ගෙනාවේ. යහපත් හෝ මිත්‍රශීලී අවස්ථාවකදී කට වැසුවාට ප්‍රශ්නයක් නැතත්, තරහෙන් සිටින වෙලාවක කට වැසුවොත් බඩුම තමයි.
කොහොම වුණත් තරඟය ආරම්භ වී තත්පර 65කින් පැරගුවේ කණ්ඩායම වාර්තා කළ සුපිරි ගෝලය නිසා, අල්මිරෝන් නැතිව වුණත් තුර්කිය 1-0ක් ලෙස පරදා ලෝක කුසලානයෙන් ඉවතට ඇද දමන්නට පැරගුවේ කණ්ඩායම සමත් වුණා. හැබැයි අල්මිරෝන් නම් මේ ‘කට වහගැනීමේ’ වැඩෙන් ලෝක පාපන්දු ඉතිහාසයේ කළු පැල්ලමකට තමන්ගේ නම ලියාගෙන ඉවරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart