
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හම්බේගමුව පොලිස් බල ප්‍රදේශයේ වයස අවුරුදු 15 මාස 05ක් වයසැති සිය දියණිය නීත්‍යානුකූල භාරකාරීත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණය කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් වින්දිත දැරියගේ පියා ඉකුත් 13 වැනිදා හම්බේගමුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් මස 28 වැනිදා මෙම අපරාධය සිදුවී ඇති අතර, 55 හැවිරිදි සැකකාර පියා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
දැරියගේ පෙම්වතාට ඇය කැඳවාගෙන ගොස් අඹුසැමියන් ලෙස හැසිරීමට අනුබල දීම සම්බන්ධයෙන් දැරියගේ පියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට ලක්වූ එම දැරිය සහ එම ප්‍රදේශයේම පදිංචි තරුණයා මීට පෙර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තරුණයා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ හම්බේගමුව පොලිසිය දියණිය දූෂණය කිරීමට අනුබල දුන් පියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart